
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි දැන් ගෝලීය ධනවත්ම පුද්ගලයන් අතර 16 වැනි ස්ථානයට පත්ව ඇත.
සතියකට අඩු කාලයකදී බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයේ ස්ථාන තුනකින් ඔහුගේ ශ්‍රේණිය ඉහළ ගොස් තිබේ.
එම කාලය තුළ ඔහුගේ ධනය ඩොලර් බිලියන 4.41 කින් ඉහළ ගොස් තිබේ.
ඔහුගේ වත්කම දැන් ඩොලර් බිලියන 70.2 කි.
අදානි ලැයිස්තුවේ දෙවන ධනවත්ම ඉන්දියානුවා වන අතර, ධනවත්ම ඉන්දියානුවා වන්නේ මුකේෂ් අම්බානිය.
අම්බානිගේ ඇස්තමේන්තුගත මුළු ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 90.4 ක් වන අතර, ඔහු ගෝලීය ධන්වතුගේ ලැයිස්තුවේ 13 වැනි ස්ථානයේ සිටී.
ඔහුගේ ශුද්ධ වටිනාකම 2023 දී ඩොලර් බිලියන 3.33 කින් වැඩි වී ඇත.
අදානි සහ අම්බානි හැර ගෝලීය ධනවතුන්ගේ ලැයිස්තුවේ ශපූර් මිස්ට්‍රි, ශිව් නඩාර්, සාවිත්‍රි ජින්ඩාල් සහ අසීම් ප්‍රේම්ජි ඇතුළු පිරිසක්ද ඉදිරිපෙළ පසුවෙති.
ගෞතම් අදානි ශ්‍රී ලංකාවේද ව්‍යාපෘති කිහිපයකම ආයෝජනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart