
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තයේ දීප්තිමත් අනාගතයක් පිළිබඳ සුබ ලකුණු පෙන්නුම් කරමින් Mahika Gaur සහ Lauren Filer, මංගල එක්දින තරගයේදීම කඩුලු 3 බැගින් දවාගනිමින් ඩර්හැම්හිදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් තහවුරු කළහ.
මෙහිදී ඇමී ජෝන්ස් කාන්තා එක්දින ඉනිමක උඩපන්දු පහක් ලබා ගත් පළමු එංගලන්ත කඩුලු රකින්නිය බවට නව වාර්තාවක් තැබීමට ද සමත් වූවාය.
පා දඟ පන්දු යවන්නියක වන සාරා ග්ලෙන් කඩුලු 3ක් දවා ගත් අතර ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 31ක් තුළ ලකුණු 106කට සීමා විය.
Gaur සිය කඩුලු 3ම දවා ගත්තේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමට සැලස්වීමෙනි.
Filer ගේ පන්දු හමුවේ හසිනි, කවීෂා සහ නිලක්ෂි දැවී ගියේ ඇමී ජෝන්ස් වාර්තාවට දායකත්වය ලබා දෙමින්ය.
එම පහසු ඉලක්කය පන්දුවාර 32ක් ඉතිරිව තිබියදී කඩුලු 3ක් පමණක් දැවී තිබියදී සපුරා ගැනීමට සත්කාරක එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූහ.
තවමත් 17 හැවිරිදි වියේ පසුවන Gaur, මෙම තරග සංචාරයේදී එංගලන්තය වෙනුවෙන් 20/20 වරම් දිනා ගනිමින් ක්‍රීඩා කළ තරග දෙකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් ජාත්‍යන්තර 20/20 තරග 19 ක්‍රීඩා කර තිබේ.
ඇය අද එංගලන්තය වෙනුවෙන් හිස්වැසුම ලැබුවේ හිටපු වේග පන්දු යවන්නියක වන Katherine Sciver-Brunt අතිනි.
Maia Bouchier තරගයේ ජයග්‍රහණය හතරේ පහරකින් සම්පූර්ණ කළේ දිනයේ ගෞරව සියල්ල කෝඩුකාරියන් වෙත පවරා ගනිමින්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart