
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා යොවුන් පිතිකරු සොනල් දිනුෂ ඉන්දීය කණ්ඩායමට එරෙහිව දක්වන ලද විශිෂ්ට පිතිහරඹය අගය කරමින්, 25 හැවිරිදි මෙම ක්රීඩකයා ඉන්දීය ක්රිකට් හි පූජනීය නාමයක් වන සචින් තෙන්ඩුල්කාර්ට සමාන කරමින් ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති රාජීව් ශුක්ලා විසින් ඉහළම පැසසුමක් ලබා දී ඇත.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය ද ටැග් කරමින් සිය X ගිණුමේ සටහනක් තබමින් ශුක්ලා සඳහන් කළේ, “ශ්රී ලංකාවේ සොනල් කියන්නේ අරුම පුදුම ක්රීඩකයෙක්, ඔහු සචින් තෙන්ඩුල්කාර් වගේමයි, අන්තර්ජාතික ක්රිකට් පිටියේ ඉදිරියටම යන විශිෂ්ට ටෙස්ට් ක්රීඩකයකු වීමට ඔහුට හැකියාව තියෙනවා” යනුවෙනි.
ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියේදී අඛණ්ඩව ඉනිම 4කදීම ලකුණු 50 සීමාව (50-plus scores) ඉක්මවා යාමට සොනල් දිනුෂ සමත් විය.
ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 100ක් සහ ලකුණු 84ක් රැස්කළ සොනල්, කොළඹ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් විය.
ඉන්දියාව ලබාදුන් දැවැන්ත ඉලක්කය හමුවේ පරාජයෙන් බේරීමට සටන් කළ ශ්රී ලංකා කණ්ඩායමේ අවසන් පෙළ පිතිකරුවන් සමඟ එක්වෙමින් දෙවැනි ඉනිමේදී ද නොදැවී අර්ධ ශතකයක් ශතකයක් ලබාගනිමින් පන්දු යවන්නන්ට දැඩි අභියෝගයක් එල්ල කළේය.
ඉන්දීය දඟපන්දු යවන්නන්ට එරෙහිව සොනල් දැක්වූ පරිණත පිතිහරඹය, මනා සූදානම සහ අඛණ්ඩ දක්ෂතාව හේතුවෙන් හිටපු අන්තර්ජාතික ක්රිකට් විචාරකයන්ගේ සහ ක්රීඩකයන්ගේ විශේෂ ඇගයීමට ඔහු ලක්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart