
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විනිසුරුවරුන් සහ අධිකරණය සම්බන්ධයෙන් මතුවන ගැටලු සාධාරණව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතිමය ක්‍රියාපටිපාටීන්ට අනුකූලව විසඳාගත යුතු බවත්, තහවුරු නොකළ පෞද්ගලික මඩ ප්‍රහාර මගින් අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා ඇති විශ්වාසය පළුදු විය හැකි බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හදිසි නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රාජ්‍ය බලය පාවිච්චි කරන ඕනෑම ආයතනයක් මෙන්ම අධිකරණය ද නීත්‍යනුකූල පරීක්ෂාවට සහ වගවීමට යටත් විය යුතු බවත්, උසාවි තීන්දු, විනිසුරුවරුන්ගේ හැසිරීම සහ අධිකරණ පාලනය යථාර්ථවාදී හා වගකීම් සහගත විවේචනයට ලක්කළ හැකි බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි.
අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ඕනෑම විනිසුරුවරයකුට එරෙහිව විශ්වාසදායක චෝදනා පවතින්නේ නම්, සුදුසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සහ පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටීන් ඔස්සේ සාධාරණ ලෙස ඒවා විමර්ශනය කළ යුතු බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ, අධිකරණයේ ස්වාධීනත්වයට සහ මහජන අයිතිවාසිකම්වලට බරපතල හානියක් සිදුකරන බවට පවසමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර ඇති යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සංවාදය අතරතුරදීය.
මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වුවහොත්, එමගින් ප්‍රථමයෙන්ම වාසිය හිමිවන්නේ අග්‍රවිනිශ්චයකාරවරයාට බවත්, 2026 දෙසැම්බර් 1 වනදායින් අවසන් වීමට නියමිත ඔහුගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා මෙම සංශෝධනය කඩිනමින් ගෙන එන බවට සමාජය තුළ මතයක් පවතින බවත් නීතිඥ සංගමය පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුව තුළ සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අධිකරණයට එරෙහිව නැගෙන චෝදනා වගකීමෙන් යුතුව හසුරුවිය යුතු බවත්, පදනම් විරහිත ප්‍රකාශ මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතිය පසඳලීමේ ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවයි.
රාජ්‍ය ආයතන, අදාළ සියලු පාර්ශවයන් සහ මාධ්‍ය ආයතන මගින් අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කළ යුතු අතර, පවතින ඕනෑම සැබෑ ගැටලුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතිමය ක්‍රමවේදයට යටත්ව සාධාරණව විසඳීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart