
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ උපන් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගැරී ආනන්දසංගරී කැනඩා රජයේ කැබිනට් ඇමැතිවරයකු ලෙස පත් කර තිබේ.
ඔහුව පත්කර ඇත්තේ කිරීටය සහ ආදිවාසී සබඳතා ඇමැතිවරයා ලෙසිනි.
ඔහු මුලින්ම 2015 දී Scarborough-Rouge Park කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් විය.
කිරීටය සහ ස්වදේශික සබඳතා ඇමැතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසත්, කැනේඩියානු උරුමයන් සහ බහු සංස්කෘතික ඇමැතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසත් සේවය කර ඇත.
ගැරී ආනන්දසංගරී, අධ්‍යාපනය සහ යුක්තිය වෙනුවෙන් වෙහෙස නොබලා පෙනීසිටි අන්තර්ජාතිකව පිළිගත් මානව හිමිකම් නීතිඥයකු සහ ප්‍රජා ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රකටව සිටී.
ගැරී ආනන්දසංගරී යනු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරීගේ පුත්‍රයාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart