
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවෙන් ඇඟලුම් අපනයනය අඛණ්ඩව පහත වැටෙමින් පවතින අතර, පසුගිය ඔක්තෝබර් මාසයේ අපනයන පසුගිය වසරට සාපේක්ෂව සියයට 20කින් පහත වැටී ඇති බව කර්මාන්ත ආයතන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) විසින් සම්පාදනය කරන ලද දත්ත පෙන්වා දෙයි.
එම අගය එක්සත් ජනපද ඩොලර් මිලියන 330.95කි.
මූලික වශයෙන් ප්‍රධාන බටහිර වෙළඳපොළවල ආර්ථික මන්දගාමීත්වය හේතුවෙන් 2022 සැප්තැම්බර් මාසයේ සිට මෙරට ඇගලුම් අපනයනයේ පහත වැටීමක් දැකගත හැකිය.
JAAF දත්ත වලට අනුව, ඇණවුම් වල මන්දගාමිත්වය මධ්‍යයේ සියලුම ප්‍රධාන වෙළඳපොළවල් වෙත අපනයන ඔක්තෝබර් මාසයේදී පහත වැටී ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් වෙළඳපොල වන අමෙරිකා එක්සත් ජනපදයේ අපනයන සියයට 16.81 කින්, එනම් ඩොලර් මිලියන 128.22 කින් පහත වැටී ඇති අතර, එක්සත් රාජධානිය හැර යුරෝපා සංගමයට කරන ලද අපනයන සියයට 24.79 කින්, එනම් ඩොලර් මිලියන 110 කින් පහත වැටී ඇත.
එක්සත් රාජධානියට කරන ලද අපනයන වසරින් වසර අගය සියයට 14.56 කින් පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.
එය අමෙරිකානු ඩොලර් මිලියන 43.66 කි.
අනෙකුත් වෙළඳපොළ වෙත අපනයනය සියයට 21.69 කින් වඩා සැළකිව යුතු අඩුවීමක් පෙන්නුම් කළ අතර, එය මුළු අමෙරිකානු ඩොලර් මිලියන 49.07 කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart