April 14, 2026

උඩවලව රක්ෂිතය තුළ වගාකර තිබූ අක්කර තුනක වගාකර තිබූ ගංජා හේනක් වටළා ති‍බේ.

ඒ පසුගියදා (11) ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත හම්බේගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී ය.

එහිදී රුපියල් මිලියන 4.5ක් පමණ වටිනාකමකින් යුත් අඩි 3ක් පමණ උස ගංජා ගස් 155,000ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.