
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දැනට රැදවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රදවා සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගනේමුල්ල සංජීව යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යෑමේදී, ගනේමුල්ල සංජීවගේ ඥාතියකු වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරිය බවට සදහන් කරන කාන්තාවක් නිලධාරින් සිටින ස්ථානයට පැමිණ අදාළ නිවස පරික්ෂා නොකරන ලෙසට නාකොටික් නිළධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.
සිද්ධියට සම්බන්ධ නීතිඥවරිය ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, නීතිඥවරියගේ උත්සාහය ව්‍යර්ථ වු පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට අල්ලස් ලබාදීමටද උත්සාහ කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මේ වන විටත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් වී විමර්ශනයක් සිදුකරනු ලබන බවටත් වැඩිදුරටත් තොරතුරු ලැබී ඇත.
නීතිඥවරිය විසින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරිවරයාට අල්ලස් ලබාදීමට උත්සාහ කරන දුරථකන ඇමතුමක හඩ පටයක්ද ලැබී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart