
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට තුළ අපරාධ, විශේෂයෙන් වෙඩිතැබීම් ඉහළයෑම සම්බන්ධයෙන් රජය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ රජය පාතාල ක්‍රියාකාරකම් හිස ඔසවන්නට ඉඩ නොතබන බවයි.
පාතාලයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු එහිදී අවධාරණය කළේය.
එහි මූලික පියවර ලෙස රජය විසින් නිකුත් කර ඇති ගිනි අවි ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විටත් ආපසු කැඳවා ඇති බවත්, ගිනිඅවි සැලකිය යුතු සංඛ්‍යාවක් ආපසු භාර දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඉන්දියාවේ සහ ඩුබායි හි සරණාගතභාවය පතා ගොස් සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වාගැනීමට ද රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අපරාධ මැඩළීම සඳහා දැනටමත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බව ප්‍රකාශ කළ අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේ ප්‍රශ්නය විසඳීමට රජය දැඩි ලෙස මැදිහත් වන බවයි.
පාතාල නායක ගණේමුල්ල සංජීව අද කොළඹ අධිකරණයක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පෙන්වා දෙමින්, අපරාධ වැඩිවීම සහ රටේ ආරක්ෂාව නොමැතිකම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙම අදහස් පළකළේය.
මේ වන විට වෙඩිතැබීම් 70කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පෙන්වාදුන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා, රජයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart