
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවකු වන “ගනේමුල්ල සංජීව” ලබාදුන් තොරතුරු අනුව, මුල්ලේරියාව කුමාර මාවතේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ පිස්තෝල අවි 02ක් සහ මැගසින් 02ක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
තමන්ගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් විමර්ශන කටයුතු සදහා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් විසිදෙනෙකු යටතට තමා පත්නොකරන්නැයි ඉල්ලමින් ගනේමුල්ල සංජීව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
මේ වන විට වීරඟුල පොලිස්ථානයේ රඳවා සිටින සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාගේ මව ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දුගේ උපදෙස් මත නීතිඥ දිනේෂ් ගොඩගම මගින් රිට් ආඥාවක් ඉල්ලා මෙලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart