
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුප්‍රකට පාතාල කල්ලි සාමාජිකයකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර කිරීම සහ අනුබල දීම සහ ඝාතනය සිදු කිරීමට භාවිත කළ ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ අත්අඩංගුවට ගෙන තිබේ.
2025 පෙබරවාරි 19 වැනිදා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිඥයකු ලෙස වෙස්වලාගත් පුද්ගලයකු විසින් කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කරන ලදී.
ඝාතනය සම්බන්ධයෙන් දැනට රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු මත ගම්පහ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී ගම්පහ ඔස්මන්ඩ් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
විදේශයන්හි ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සහයෝගයෙන් අදාළ ඝාතන කුමන්ත්‍රණය සැලසුම් කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.
එසේම ඝාතනය සිදු කිරීමට අවශ්‍ය ගිනි අවි ලබා දීමෙන් සැකකරු අපරාධයට සහාය වී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රිපීටර් තුවක්කුවක්, මැගසින් දෙකක් සහ පතොරම් 10ක් ද සොයා ගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart