
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල බන්ධනාගාරයේ වැඩිම ජංගම දුරකතන සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයකු නාඳුනන කණ්ඩායමකගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.
කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම නියාමකවරයා සේවා මුරය අවසන් කර නිවසට බස් රථයෙන් ගමන් කරමින් සිටියදී වැලිගම නගරයේ දී බස් රථය තුළට පැමිණි කණ්ඩායමක් මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
එලෙස පහරදීමට පැමිණි පිරිස අතුරින් එක් අයකු ටී-56 ගිනි අවියක්ද සඟවාගෙන ඇති ගෙනැවිත් ඇති අතර, බස් රථයේ සිටි මගීන්ගේ විරෝධතාවය දැක්වීම හේතුවෙන් එම ගිනි අවිය ක්‍රියාත්මක කර නොමැති බව වැඩිදුරටත් පොලිසිය අනාවරණය කරයි.
පහරකෑමට ලක්වූ නියාමකවරයා ගාල්ල බන්ධනාගාරය තුළ තිබූ ජංගම දුරකථන 50කට අධික සංඛ්‍යාවක් ඔහු භාරයට ගෙන නීතිමය කටයුතුවලට ඉදිරිපත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
පහරදීමට සම්බන්ධ පුද්ගලයන් සොයා වැලිගම පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart