May 3, 2026

ඉලංකෙයි තමිල් අරසු කච්චි විසින් සංවිධානය කරන ලද වාර්ෂික එස්.ජේ.වී. චෙල්වනායගම් අනුස්මරණ දේශනය පැවැත්වීම සඳහා හිටපු අධිකරණ හා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් ඉරිදා (26) යාපනයට ගොස් තිබිණි.

අන්ත ජාතිකවාදී දේශපාලන පක්ෂ සමග දකුණේ සහයෝගයෙන් කටයුතු කරන ජී.එල්. පීරිස් මෙම දේශනය වෙනුවෙන් කැඳවීම සම්බන්ධයෙන් තමිල් අරසු පක්ෂයද අභාන්තරිකව බෙදී සිටිනු දැකගත හැකිවිය. පිරිසක් ප්‍රසිද්ධියේ ඔහුව විවේචනය කරනු දැකගත හැකිවිය.

එමනිසාම ජී.එල්. පීරිස්ගේ දේශනය තමිල් අරසු පක්ෂයෙන් පිරිසක් වර්ජනය කර තිබිණි.

ඔහුගේ දේශනයේ මාතෘකාව වූයේ “ෆෙඩරල් මූලධර්ම සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සඳහා මාවත” යන්නයි.

දේශනය අතරතුර, නෝර්වීජියානු පහසුකම් සහිතව එල්ටීටීඊය සමඟ පැවැත්වූ සාම සාකච්ඡාවලදී, එල්ටීටීඊය විසින් යෝජනා කරන ලද අන්තර් පාලන ව්‍යුහය වෙනම රාජ්‍යයකට සමාන බව ජී.එල්. පීරිස් අවධාරණය කළේය.