
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆුට්සාල් යනු කෘත්‍රිම පිටියක ක්‍රීඩා කෙරෙන පාපන්දු ආශ්‍රිත ක්‍රීඩාවක් වන අතර, මෙම ක්‍රීඩාව සඳහා මීටර් 40×20 සහ උස මීටර් 4 වන ගෘහස්ථ ක්‍රීඩාංගණයක් යොදාගැනේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ කිහිපයක් ඉදිකර ඇත.
එම ක්‍රීඩාව සඳහා ඉහළ ආකර්ෂණයක් පවතින බැවින්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ පෞද්ගලික ආයෝජකයෙකුට භූමිය බදු පදනම මත ලබාදී රජය සතු ක්‍රීඩාංගණ පරිශ්‍ර හා ඉඩම් භාවිත කර ෆුට්සාල් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, හඳුනාගනු ලබන රජයේ ඉඩම් හා ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයන් තුළ, උපරිම වසර 30ක බදු කාලසීමාවක් සඳහා ෆුට්සාල් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම පිණිස, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් පෞද්ගලික ආයෝජකයකු තෝරාගැනීමටත්, එකී ආයෝජකයා මඟින් පාකිස්ථානු රජයේ ප්‍රදානයක් ලෙස ලබාදෙන ලද කෘත්‍රිම ෆුට්සාල් පථ 02 ටොරින්ටන් සහ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයන්හි ඉදිකිරීමටත් ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart