
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Tesla සහ SpaceX හි ප්‍රධාන විධායක නිලධාරී ඉලොන් මස්ක්, ඉන්දීය බිලියනපති මුකේෂ් අම්බානි වෙත ප්‍රසිද්ධියේ වාග් ප්‍රහාරයක් එල්ල කරමින්, ඔහුව උපහාසාත්මක ලෙස ‘අගමැති අම්බානි’ ලෙස ආමන්ත්‍රණය කර ඇතැයි ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ විදුලි සංදේශ වෙළඳපොළ තුළ Starlink සමාගම තරඟ කිරීම වැළැක්වීමට අම්බානි උත්සාහ කරන බවට ද මස්ක් චෝදනා කළේය.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් මස්ක්, ඉන්දියාවේ විදුලි සංදේශ ක්ෂේත්රය කෙරෙහි අම්බානි සතු බලපෑම පිළිබඳව ප්‍රශ්න කළ අතර, ඔහු විසින් ඒකාධිකාරී ක්‍රියාමාර්ග ලෙස විස්තර කළ අම්බානිගේ ක්‍රියාවන් විවේචනය කළේය.
“හිතවත් අගමැති අම්බානිතුමනි, ඉන්දියාවේ සැබෑ ප්‍රධානියා ඔබ බව වටහා නොගැනීම සම්බන්ධයෙන් කරුණාකර මගේ නිහතමානී සමාව පිළිගන්න,” යනුවෙන් මස්ක් එහි සඳහන් කර තිබුණේය.
වෙළඳපොලේ තම ආධිපත්‍යය පවත්වා ගැනීමට උත්සාහ කරන බවට අම්බානිට චෝදනා කළ ඔහු, ස්ටාර්ලින්ක් සේවාවට තරඟ කිරීමට ඉඩ දෙන්නේද යන්න ප්‍රශ්න කළේය.
ස්ටාර්ලින්ක් සේවාව ඔස්සේ විශ්වාසදායක අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් සඳහා චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව හරහා ලබාදිය හැකි ප්රතිලාභ ද ඉස්මතු කළ මස්ක් අන්තර්ජාල ප්‍රවේශය පුළුල් කිරීම දරුවන්ට අධ්‍යාපන අවස්ථා වැඩිදියුණු කරන අතර කුඩා ව්‍යාපාරවලට ජාත්‍යන්තර වෙළඳපොළට ළඟා වීමට ඉඩ සලසන බවට ද තර්ක කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart