
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අරගලයේ ඇතැම් ක්‍රියාකාරීන්ට විදේශ රටවලින් ඩොලර් මිලියන ගණනක මුදල් ලැබී ඇති බවත්, එක් අයකුට ගෝතමාලාවෙන් මුදල් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.
ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (09) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ (PMC) ‘ස්ථාවර රටක් සඳහා සාමූහික මාවත’ යන තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවකදීය.
ලෝකයේ අරගල හමුවේ බොහෝ රටවල් කඩා වැටී වසර ගණනාවක් අරාජික වූ නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවැරදි නායකත්වය යටතේ වසරක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව යථාතත්වයට පත්වූ බවද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
ජුලි 09 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තබා පොදු දේපළ විනාශ කළ දිනය ලෙස ඉතිහාසගත වන බවද ඔහු පැවසීය.
අරගලය පිටුපස ඇති න්‍යාය පත්‍රය පිළිබඳව නීතිමය ක්‍රියාදාමයන් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
“මේ අරගලයේ අරමුණ කුමක්දැයි දැන් පැහැදිලියි. ඒවගේම ඒක නීත්‍යානුකූල ක්‍රියාපටිපාටියේදී හෙළිදරව් වෙනවා. අරගලයේ ඇතැම් ක්‍රියාකාරීන්ට විදේශ රටවලින් ඩොලර් මිලියන ගණනක මුදල් ඔවුන්ගේ ගිණුම්වලට ලැබී තිබෙනවා. උසාවියේ පවතින නඩුවක විත්තිකරුවෙක්ට ගෝතමාලාවෙන් මුදල් ලැබී තිබෙනවා. ගෝතමාලාවෙන් කියන්නේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට දැඩි ලෙස සම්බන්ධ වූ රටක්. මේ තත්ත්වය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පසුගිය ජනාධිපතිවරයා දැඩි වෙහෙසක් ගත් බව අප නොසලකා හැරිය යුතු කරුණක් නෙවෙයි. මම කියන කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණවලදී හෙළි වූ කරුණු.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart