
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘අර්ධ’ නමින් කෙටිකතාවක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත(ICCPR) යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ රඳවා තැබූ ශක්තික සත්කුමාර ලේඛකයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුව හෙට (28) කැදවීමට නියමිතය.
මේ සදහා ශක්තික සත්කුමාරගේ පාර්ශ්වයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත්වන බව ලේඛකයා පවසයි.
කෙටිකතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන, චෝදනා ගොනුකිරීමකින් තොරව රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ශක්තික සත්කුමාර 2021 පෙබරවාරි මාසයේදී නිදහස් කෙරිණි.
මෙම අත්අඩංගුවට ගැනීමේදී ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික මානව හිමිකම් බැඳීම්වලට පටහැණිව කටයුතු කර ඇති බව එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද පෙන්වාදී තිබිණි.
ශක්තික සත්කුමාරගේ ‘අර්ධ’ (අර්ධ) කෙටිකතාව බුදුදහමට නිග්‍රහ කරන සහ අපකීර්තියක් ගෙනදෙන බවට කරන ලද පැමිණිල්ලකට අනුව පොල්ගහවෙල පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart