
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් ආණ්ඩුව ගනිමින් සිටින උත්සාහය ජනතාව රැවටීමේ පියවරක් වන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මේ සතියේ (26) පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගය (NPP) සහභාගි නොවන බව එම පක්ෂය ඊයේ (23) ප්‍රකාශ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයෙන් අනතුරුව, මෙම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට නියමිත බව ප්‍රකාශ වී තිබේ.
ඉදිරි මැතිවරණයකදී ජනතාව රවටා ඡන්දය ලබාගැනීම සඳහා වන සූදානම් බැවින්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගන්නා කිසිදු ක්‍රියාමාර්ගයකට සහාය නොදෙන බව ජාතික ජන බලවේගය සඳහන් කරයි.
පසුගිය පෙබරවාරි මාසය වන විට, සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බවට රනිල් වික්‍රමසිංහ ප්‍රතිඥා දුන්නද, එය ඉටුකිරීමට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මේ වන විටත් අපොහොසත් වී ඇති බවද ජාතික ජන බලවේගය පෙන්වාදෙයි.
මේ අතර, සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ, ජනාධිපතිවරයාගේ මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට බලාපොරොත්තු වන අතර, එහිදී මතුකිරීමට බලාපොරොත්තු වන කරුණු සම්බන්ධයෙන් අද (24) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.
එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ, එය තීරණාත්මක කරුණක් ලෙස ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සමුළුවට පැමිණීමට නියමිත බවත්, සුළු ජාතික ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart