
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවශ්‍ය තරම් පැවතියත් ඉන්ධන අලෙවිය අඩු වී ඇතැයි ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පවසයි.
ඉන්ධන අලෙවිය අඩුවීමත්, විදුලි බිල වැඩිවීමත් නිසා බොහෝ ඉන්ධන හල් රාත්‍රී 9.00 හෝ 10.00 වනවිට වසා දමන තත්ත්වයක් පවතින බව ද ඔහු සඳහන් කරයි.
වෙනත් වර්ෂවලදී උත්සව සමය තුළ ඉන්ධන පිරවුම්හල් අලුයම 1.00 හෝ 2.00 දක්වා විවෘතව තබාගෙන සිටියත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ සේවක වැටුප්, අතිකාල ගෙවීම වැනි කටයුතු සඳහා වැඩිපුර ගෙවීම සිදුකිරීමට අපොහොසත් වීම නිසා ඉන්ධන හල් හිමියන් එසේ සිදුකරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
චීන සයිනොපෙක් පිරවුම්හල්වල අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමද, විශේෂයෙන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල අලෙවිය පහත වැටීමට හේතුවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart