March 21, 2026

QR කේත ක්‍රමය යටතේ නිකුත් කරන ඉන්ධන කෝටාව අද(21) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩිකර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මෙම සංශෝධනයට අනුව, මෝටර් රථ සඳහා සතිපතා ඉන්ධන කෝටාව ලීටර් 15 සිට ලීටර් 25 දක්වා වැඩි කර ඇති අතර, ත්‍රිරෝද රථ සඳහා දැන් ලීටර් 20 ක් ලැබෙනු ඇත. එය දැනට පවතින්නේ ලීටර් 15 ක් ලෙසය.

වෑන් රථ සඳහා ලීටර් 50 ක් ලැබෙනු ඇති අතර, එය ලීටර් 40 සිට වැඩිවීමකි.

ලොරි රථ සඳහා නව සංශෝධනය යටතේ ලීටර් 200ක් ලැබෙනු ඇත.

යතුරුපැදි සඳහා ලීටර් 5 සිට ලීටර් 8ක් වෙන්කරනු ලබන අතර, බස් රථ සඳහා ඉන්ධන කෝටා ලීටර් 60 සිට ලීටර් 100 දක්වා වැඩිකර ඇත.

පහතින් දැක්වෙන්නේ සම්පූර්ණ සංශෝධිත සටහනයි.