
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමැතිවරුන්ගේ ඉන්ධන කෝටා සහ අනෙකුත් වරප්‍රසාද සීමා කිරීම මඟින් ඉතිරි කරගන්නා මුදල් සෘජුවම ධීවර ප්‍රජාවගේ සුභසාධන කටයුතු වෙනුවෙන් යොදවන බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවරයන් වෙනුවෙන් රුපියල් මිලියන 1.26ක් වටිනා උසස් තත්ත්වයේ ධීවර උපකරණ බෙදාදීම සඳහා ධීවර අමාත්‍යාංශයේ ඊයේ (25) පැවැති උත්සවයකට එක්වෙමිනි.
මෙම අවස්ථාවේදී ධීවරයන් 14 දෙනෙකු වෙත ධීවර උපකරණ කට්ටල පිරිනමන ලදී.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් රජය මහජනතාව මත අමතර බදු හෝ බරක් පැටවීමට කටයුතු නොකරන බවයි.
එමෙන්ම ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද, රජය එම පාඩුව විඳදරා ගනිමින් ධීවර ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම ප්‍රමුඛ කාර්යයක් වූ අතර, බාල තත්ත්වයේ උපකරණ ලබාදීමට රජය අකමැති වූ නිසා මෙම සහනාධාර ලබාදීම තරමක් ප්‍රමාද වූ බව ඔහු පැහැදිලි කළේය.
ඒ අනුව, ධීවර අමාත්‍යාංශය යටතේ පවතින ‘නෝත්සී’ සහ ‘සීනෝර්’ ආයතන හරහා උසස් තත්ත්වයේ දැල් සහ යාත්‍රා ලබාදීමට මේ වන විට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ධීවර අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 600ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ධීවර ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සාගර දූෂණය අවම කරමින් සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමට වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස ද ඔහු ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත ප්‍රකාශ කළේ, මෙම සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ සියලුම ධීවරයන් වෙත මේ වසර අවසන් වීමට පෙර සහන සලසා දීමට කටයුතු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart