October 1, 2026

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැප්තැම්බර් 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414කි. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 392කි.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 528ක් වේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ භූමිතෙල් මිල ගණන් වෙනස් නොවී පවතී.