November 18, 2026

අවිධිමත් ලෙස සකස් කරන ලද විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිද වන ශෂී වීරවංශට නියම කර තිබූ වසර දෙකක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින තහවුරු කරනු ලැබීය.

අදාළ සිරදඬුවමට එරෙහිව ඇය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බැලූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, එම අභියාචනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

මෙම තීන්දුවත් සමඟ විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ වහාම ක්‍රියාත්මක වන පරිදි රිමාන්ඩ් භාරයට පත් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළ අතර, නියමිත සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද වැඩිදුරටත් නියෝග කර සිටියේය.