
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ඉන්ධන මිල සංශෝධනය කර ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඇස්තමේන්තුවකට අනුව මිස ඉන්ධන මිල සූත්‍රයට අනුව නොවන බව රජයේ ප්‍රකාශක ඇමැති විජිත හේරත් පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සහතික වූයේ ඉන්ධන මිල ක්‍රමානුකූලව අඩු කරන බවටයි.
ඉන්ධන මිල රුපියල් 100කින් හෝ 200කින් අඩු කිරීම රජයට වහාම ක්‍රියාත්මක කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.
හදිසියේ රුපියල් 100කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉන්ධන මිල අඩු කළහොත් එය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
“ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව පියවරෙන් පියවර ඉන්ධන මිල අඩු කරනවා. බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු සහ අනෙකුත් නිෂ්පාදන වියදම් අඩු කිරීම ද අපි අපේක්ෂා කරනවා. ඉන්ධන මිල අඩු කිරීම හරහා මහජනතාවට සහනයක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart