March 21, 2026

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි තියුණු වැඩිවීමක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) නිවේදනය කර තිබේ.

ඒ අනුව, ඔටෝ ඩීසල් ලීටරයකට රු. 79 කින් රුපියල් 382 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සුපර් ඩීසල් ලීටරයකට රු. 90 කින් රුපියල් 443 ක් දක්වා ඉහළ ගොස් ඇත.

පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයකට රු. 81 කින් රුපියල් 398 ක් දක්වාත්, ඔක්ටේන් 95 ලීටරයකට රු. 90 කින් රුපියල් 455 ක් දක්වාත් ඉහළ ගොස් ඇත.

මේ අතර, භූමිතෙල් ලීටරයකට රු. 60 කින් රුපියල් 255 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මැදපෙරදිග උත්සන්න වන ආතතීන්ට සම්බන්ධ ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම මධ්‍යයේ මෙම සංශෝධනය සිදුකර ඇත.