
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ වෛද්‍යවරයකු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් නොමැතිව ජාතික රෝහලේ රෝගීන් දෙදෙනකුට ප්‍රවාහ හැරවුම් යන්ත්‍ර ස්ථානගත කිරීමක් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 10.6ක් වැයකර ඇති බව සදහන් කරමින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාට ලිඛිත පැණිල්ලක් සිදු කර ඇති බව වාර්තා වේ.
ප්‍රවාහ හැරවුම් යන්ත්‍ර ස්ථානගත කිරීම සඳහා මෙරට වෛද්‍යවරුන් සිටින පසුබිමක ඒ සදහා වෛද්‍යවරයෙක් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වා ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ රෝගීන් දෙදෙනකුට ප්‍රතිකාර කිරීම පිළිබද ගැටලුවක් පවතින බව එහි දක්වා ඇත.
එම ශල්‍යකර්මය සදහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් සහිත වෛද්‍යවරුන් සිටියදී ජාතික රෝහලේ අරමුදල් වැය කරමින් විදේශ වෛද්‍යවරුන් ගෙන්වීම ගැටුම් සහගත තත්ත්වයක් බව පැමිණිල්ලේ වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
මේ සඳහා රුපියල් මිලියන 10.6ක විශාල මුදලක් ජාතික රෝහල වැයකර ඇති අතර ජාතික රෝහල් විකිරණවේ දී සහාය ලබාගත්තේ නම් එම මුදලින් රුපියල් මිලියන 04ක් ඉතිරිකර ගැනීමට හැකිවන බවද එහි දක්වා ඇත.
එමෙන්ම ලිපියේ සදහන් කර ඇත්තේ, ශලකර්මය කළ වෛද්‍යවරයා ලංකාවට ගෙන්වීමට, අමතර පිරිවැය, හෝටල් බිල්පත්, වෘත්තීය හාස්තු හා ප්‍රවාහ හැරවුම් වියදම් සියල්ල දැරීමට ජාතික රෝහලේ අරමුදලට සිදුව ඇති බවයි.
ජාතික රෝහලේ විකිරණවේදීන් මඟින් ඉතා අඩු පිරිවැයකින් සිදු කිරීමට හැකි ශලකර්ම දෙකක් පසුගිය 05 වැනිදා අධික මුදලක් වැය කර සිදු කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එහි සදහන් ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart