
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය බිරිඳ සහ දරුවන් වසර දහයකට වැඩි කාලයක් තිස්සේ නිවසක සිරකර තබා ගනිමින් ඔවුන්ට දරුණු ලෙස වධහිංසා පැමිණවූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පකිස්ථාන පොලිසිය සමත්ව තිබේ.
සිල්වි යස්මිනා නම් ප්‍රංශ ජාතික කාන්තාවක වන ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇත්තේ, සැකකරු දිනපතාම තමාට සහ දරුවන්ට ශාරීරිකව මෙන්ම මානසිකව ද අමානුෂික ලෙස පහර දුන් බවයි. ඔහු අතිශය ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙකු බව ඇය පොලිසියට පවසා ඇතැයි බීබීසී උර්දු සේවය වාර්තා කරයි.
මෙම වධහිංසාවලින් බේරී හොර රහසේම නිවසින් පැනගිය ඔවුන්ගේ එක් පුතෙකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
පකිස්ථානයේ කඳුකර ප්‍රදේශයක් වන ඛයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ දුරස්ථ නගරයක් වන බාරා හි පිහිටි ඔවුන්ගේ නිවස වැටලීමේදී මෙම අපරාධය අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය.
පොලිසිය නිවස පරීක්ෂා කරන විට යස්මිනා සහ ඇයගේ දරුවන් පස්දෙනා ඉතා කුඩා, අඳුරු සහ අබලන් කාමරයක සිරකර සිටි අතර ඔවුන්ගේ සිරුරු පුරා තලා පෙලා දැමූ තුවාල සහ සීරීම් ලකුණු දක්නට ලැබී ඇත.
පොලිස් භාරයට ගත් යස්මිනා සහ ඇගේ දරුවන් මේ වන විට පෙෂාවර් නුවර පිහිටි කාන්තා රැකවරණ මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ. ඔවුන් හැකි ඉක්මනින් නැවත ප්‍රංශය බලා යාමට බලාපොරොත්තුවෙන් පසුවන බව පොලිසිය පවසයි.
54 වැනි වියේ පසුවන යස්මිනා පවසන පරිදි, 2014 වසරේදී ඔස්ට්‍රේලියාවේ සිට පකිස්ථානයට පැමිණි දා සිට ඇගේ සැමියා මුළු පවුලම සිරකරුවන් බවට පත් කර ඇත.
“ඇයට කිසිම කෙනෙකු හමුවීමට අවසර ලැබිලා නැහැ. ඔවුන්ගේ වැඩිමහල් දරුවන් දෙදෙනාට අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තියෙනවා. අනෙක් බාල දරුවන් තිදෙනා පකිස්ථානයේදී උපන් අය වන අතර ඔවුන්ව කිසි දිනක පාසලකට ඇතුළත් කර නැහැ,” යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පකිස්ථාන ජාතිකයෙකු වන අතර මෙම යුවළ මුලින්ම මුණගැසෙන අවස්ථාවේ ඔහු ඔස්ට්‍රේලියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි අයෙකු බව හෙළි වී ඇතත්, ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් ප්‍රසිද්ධ කිරීමට බලධාරීන් කටයුතු කර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart