
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රංශයේ පුරවැසිභාවය ලබා සිටින යාපනයේ තරුණයකු වඩමාරච්චි කරණවායි, කූඩාවලවු ප්‍රදේශයේ දී 19 දා කපා කොටා ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනය ලක්ව ඇත්තේ 29 හැවිරිදි රාජකුලේන්ද්‍රන් පිරින්දන් නමැති අයෙකි.
ඔහු යාපනයෙන් ප්‍රංශයට ගොස් කලක් එහි ජීවත්ව රැකියාවක නිරතව සිට එරට කාන්තාවක සමග විවාහවීමෙන් පසු ඔහුට ප්‍රංශයේ පුරවැසිභාවය ලැබී ඇත.
නිවාඩුවකට යාපනයට පැමිණි ඔහු සිය නිවසේ සිටියදී හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමකට අනුව රාත්‍රී 12ට පමණ යතුරුපැදියකින් එක් ස්ථානයක් කරා ගොස් තිබේ.
අතරමග සැඟව සිටි පිරිසක් තියුණු ආයුධවලින් කපා කොටා ඔහු ඝාතනය කර පළාගොස් තිබේ.
මියගිය අයගේ මව්පියන් තම පුතා නිවසට නොපැමිණීම නිසා රාත්‍රියේම ඔහු සොයා යන විට ලේ විලක් මැද වැටී සිටින තම පුතා දැක වහාම ඔහු පේදුරුතුඩුව රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
එහෙත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ඔහු ඒ වන විටත් මියගොස් ඇති බවය.
ආපසු ප්‍රංශයට යෑමට දින දෙකකට පෙර ඔහු ඝාතනය කරන්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.
සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
දෙදෙනකු මේ ඝාතනය සිදුකොට පළායන අන්දම දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන කීපයක් පොලිසියට හමුවී තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart