
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් මාස තුනකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබේ.
ඒ අනුව මෙම නියෝගය 2025 අප්‍රේල් 2 දක්වා බලපැවැත්වේ.
අත්හිටවූ ස්ථාවර තැන්පතු ගිණුම් සහ රක්ෂණ ඔප්පුවල වටිනාකම රුපියල් මිලියන 93.125ක් ලෙස ගණන් බලා ඇත.
අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව කෙහෙළියගේ බිරිඳ, දියණියන් තිදෙනෙකු සහ බෑණාගේ ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් තවත් මාස තුනක කාලයකට අත්හිටුවා තිබේ.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති රඹුක්වැල්ල මේ වන විට ඇප මත නිදහස්ව සිටියි.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 53(1) වගන්තියට අදාළ 42 වැනි වගන්තිය යටතේ සිදුකෙරෙන විමර්ශනවල කොටසක් ලෙස, කලත්‍රයා, පවුලේ සාමාජිකයන් හෝ වෙනත් අය සම්බන්ධ විමර්ශනයට යටත්ව අල්ලස් කොමිසම විසින් මෙම අත්හිටුවීමේ නියෝගය ලබාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart