
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රංශයේ සුව කළ නොහැකි දරුණු රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන් සඳහා ස්වේච්ඡාවෙන් ජීවිතය තොර කරගැනීමට (Assisted Dying) අවසර දෙන නව පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මෙම නව නීතිය යටතේ, මරණාසන්න මට්ටමේ පසුවන රෝගියෙකුට තම ජීවිතය නැති කරගැනීම සඳහා මාරාන්තික ඖෂධයක් ඉල්ලා සිටිය හැකි අතර, එය රෝගියා විසින්ම ශරීරගත කරගැනීමට හෝ වෛද්‍යවරයකු ලවා ශරීරගත කරවා ගැනීමට අවස්ථාව හිමිවේ.
මෙම අවස්ථාව හිමිවන්නේ ප්‍රංශ පුරවැසියන්ට හෝ එරට නීත්‍යානුකූල පදිංචිකරුවන්ට පමණි.
එමෙන්ම ඔවුන් ජීවිතයට තර්ජනයක් වූ, දරුණු හෝ අවසාන අදියරේ පවතින සහ නිරන්තරයෙන් දැඩි ශාරීරික වේදනා ගෙන දෙන රෝගාබාධයකින් පෙළෙන්නන් විය යුතුය.
මෙහිදී මන්ත්‍රීවරුන් අවධාරණය කළේ මානසික පීඩනය පමණක් මේ සඳහා සුදුසුකමක් නොවන බවයි.
ඒ අනුව දැඩි මානසික රෝගවලින් හෝ ඇල්සයිමර් වැනි ස්නායු පරිහානියට පත්වන රෝගවලින් පෙළෙන අයට මේ සඳහා අවසර හිමි නොවේ.
මීට අමතරව, අදාළ රෝගීන් ස්වකීය කැමැත්තෙන් සහ පැහැදිලි සිහිකල්පනාවෙන් යුතුව මෙම තීරණය ගත යුතු අතර, වෛද්‍යවරයකු විසින් ඔවුන්ව පරීක්ෂා කිරීමෙන් අනතුරුව විශේෂඥ මණ්ඩලයක් මගින්ද එම තත්ත්වය සමාලෝචනය කළ යුතුව ඇත.
කෙසේ වෙතත් මෙම ඡන්ද විමසීම මෙම පනතේ අවසාන පියවර නොවේ. මන්දයත්, ඉදිරියේදී ප්‍රංශයේ ඉහළම ව්‍යවස්ථාපිත අධිකාරිය විසින් මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිතව ඇත.
ප්‍රංශ ජාතික මන්ත්‍රී මණ්ඩලයේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් මෙම පනත සම්මත කරගනු ලැබුවේ පක්ෂව ඡන්ද 291ක් සහ විපක්ෂව ඡන්ද 241ක් ලබාගනිමිනි. මීට පෙර අවස්ථා තුනකදීද ඔවුන් මෙම පනතට අනුමැතිය ලබා දී තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart