
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිරියානු සිවිල් යුද්ධයේදී රසායනික අවි භාවිත කිරීම සම්බන්ධයෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීම පිළිබඳව සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් අත්අඩංගුවට ගැනීමට ප්‍රංශය අද වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තාවලට, අනුව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට හවුල් වීම සහ යුද අපරාධවලට හවුල් වීම සම්බන්ධයෙන් අසාද් සහ ඔහුගේ සහෝදරයා ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකුට එරෙහිව ප්‍රංශ විනිසුරුවන් දෙදෙනෙකු විසින් වරෙන්තු හතරක් නිකුත් කර ඇත.
මිට සමගාමීව ඉන්ටර්පෝල් රතු නිවේදනයක්ද නිකුත් කිරීමටද ප්‍රංශය අපේක්ෂා කරන අතර, අසාද් සිරියාවෙන් පිටත සංචාරය කරන්නේ නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස සියලුම රටවලින් ඉල්ලා සිටිනු ඇත.
මෙම නඩුව ගොනුකර ඇත්තේ ජනමාධ්‍ය සහ ප්රකාශනයේ නිදහස සඳහා වූ සිරියානු මධ්‍යස්ථානය, විවෘත සමාජ යුක්තිය මුලපිරීම සහ සිරියානු ලේඛනාගාරය විසිනි.
ඊට අදාළ සිදුවීම වන්නේ, 2013 දී ඩූමා නගරයට එල්ල වූ ප්‍රහාරයකින් 1,000 කට අධික පිරිසක් මියයෑමයි.
අසාද්ගේ රජයේ හමුදා සහ ඔහු පෙරළා දැමීමට උත්සාහ කරන හා එකිනෙකාට විරුද්ධ වන බොහෝ කණ්ඩායම් අතර 2012 දී ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් 500,000 කට වැඩි පිරිසක් මියගොස් ඇත.
සිරියානු යුද්ධයේදී රුසියාව අසාද්ට සහාය ලබාදෙන අතර එක්සත් ජනපදය වෙනත් කණ්ඩායම්වලට සහාය දැක්වීමට සම්බන්ධ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart