
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතාවක් සඳහා චීනය සම්බන්ධ කර ගැනීමට තම රට උත්සාහ කරන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී පවසා ඇතැයි වාර්තා වේ.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ප්‍රංශ ජනාධිපතිවරයා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව පසුගියදා (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
ප්‍රංශය, ජපානය සහ ඉන්දියාව මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පොදු වේදිකාවක් පිහිටුවා ඇත.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමතරව, ප්‍රංශ ජනාධිපතිවරයා විසින් මෙරට ජනාධිපතිවරයා සමඟ සහයෝගී ඉන්දු පැසිෆික් කලාපයක් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, මෙරට අන්තර්ජාතික සමුද්‍රීය පුහුණු ආයතනයක් පිහිටුවීමට ද සහාය පළ කර ඇත.
නව ද්විපාර්ශ්වික ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට ද ඔහු එකඟ වී ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart