
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් දෙපාර්තමේන්තුවට වැඩබලන පොලිස්පතිවරයකු පත්කරන ලෙසට ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
නීතිඥ ආර්.එස්.පී රණසූරිය විසින් අද මෙම පෙත්සම ගොනුකර තිබිණි.
අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කෙරුණු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරු කියාසිටින්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී ඇති අතර, ඔහු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදී ඇති බවයි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(7) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීමට කටයුතු සිදුකරීමේ වගකීම ද ඔහු වෙත පැවරී තිබෙන බව පෙත්සම්කරු පෙන්වාදෙයි.
ඊට අමතරව අභියාචනාධීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස් කිරීම සඳහා යැවූ නාමයෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකිරීමෙන් අනතුරුව එම උසස්වීම සිදුනොකෙරුණු බවත්, ඉන්පසුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු දෙකක් සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පහක් හටගෙන තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
එසේම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකෙරුණු බව පෙන්වාදෙන පෙත්සම්කරු එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ රාජකාරි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් 24 වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළ බව ද සිහිපත් කර ඇත.
එම අතුරු තහනම් නියෝගය තුළින් ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීම සඳහා කිසිදු නීතිමය බාධාවක් නොමැති බව ඉතා පැහැදිලිව පෙන්වාදී ඇති බවද පෙත්සම්කරු සඳහන් කරයි.
එහෙත් තමා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වී ඇති නිසා තමන්ට වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීමට හැකියාවක් නොමැති බව පවසන ජනාධිපතිවරයා විසින් අලි සබ්රි අධිකරණ ඇමැතිවරයා වශයෙන් පත්කිරීමට කටයුතු කර ඇති බවත් එම පෙත්සමේ සඳහන් කර තිබේ.
මෙම ක්‍රියාවන් හරහා ජනාධිපතිවරයා චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තම බලය අයුතු ලෙස පරිහරණය කර තිබෙන බවට පෙත්සම්කරු චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart