
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෑතක සිට තලංගම සහ කිඹුලාවෙල තෙත්බිම් ප්‍රදේශ, හිවලුන් (golden jackal) දක්නට ලැබෙන විශේෂ පරිසර වේදිකාවක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආසන්නයේ පිහිටි තලංගම තෙත්බිම් ප්‍රදේශයේදී කුරුල්ලන් ඡායාරූපගත කරමින් සිටි ඡායාරූප ශිල්පී චතුර ද සිල්වාට හිවලුන් තිදෙනකුගෙන් යුත් පවුලක් නිරීක්ෂණය වී ඇත්තේ ඉකුත් පෙබරවාරි 01 වැනිදායි.
හිමිදිරි උදෑසන කුරුල්ලන්ගේ ඡායාරූප ගැනීමට තලංගම තෙත්බිම් කලාපයට පැමිණි ඔහු එහි රැඳී සිටියදී ඔහුගේ කැමරාවට තවත් දෙයක් හසුව ඇති අතර, ඒ සුනඛයන් තිදෙනකු බව ඔහු පළමුව සිතා තිබේ.
කෙසේවෙතත්, සමීපව පරීක්ෂා කර බැලීමේදී, එම සතුන් සුනඛයන් නොව හිවලුන් බව ඔහු හඳුනාගෙන ඇත.
“මම නිහඬව කුරුල්ලන්ව ඡායාරූපගත කරන්න බලාගෙන හිටියා, ඒ නිසා මාව නොදැක්කා වගේ හිවලුන් ගොඩක් ළඟට ආවා. මම මීට පෙරත් එක් වරකදී මෙහිදී හිවලකු දුටුවා. නමුත් මට ඡායාරූපයක් ගැනීමට පෙර ඌ සැගවුණා” ඔහු පවසයි.
එවැනිම සිදුවීමක් පසුගිය වසරේ දෙසැම්බර් 4 වැනි දින පාර්ලිමේන්තුවට ආසන්න කිඹුලාවෙල තෙත්බිම් ප්‍රදේශයේදී ද වාර්තා වී තිබේ.
උදෑසන 6.45 ට පමණ කුරුලු නිරීක්ෂක ප්‍රියනාත් කොතලාවෙල විසින් හිවලුන් දෙදෙනකු දැක ඇත.
“කිඹුලාවෙල වෙල්යායක් තියෙනවා, නමුත් අද උදේ ගොවියෝ හිටියේ නැහැ. සමහර විට මෙය හිවලුන්ට නිදහසේ ගමන් කිරීමට ඉඩ සලනවා ”ඔහු අනුමාන කරයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පවසන පරිදි, කොළඹ නගරයේ දුර්ලභ වුවද, හිවල්ලු නගරය අවට තෙත්බිම් වාසස්ථානවල තවමත් ව්‍යාප්ත වී සිටිති.(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart