
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකා එක්සත් ජනපදය මෙම දශකය තුළ චීනයට ප්‍රථමයෙන් මිනිසුන් නැවත සඳ මතට ගොඩබැස්වීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ‘ආටෙමිස් II’ (Artemis II) මෙහෙයුම යටතේ ගගනගාමීන් සිව්දෙනකු මෙරට වේලාවෙන් අද අලුයම ෆ්ලොරිඩාවෙන් අභ්‍යවකාශගත කෙරිණි.
මෙය සඳ වටා දින 10ක ගමනක නිරත වන තීරණාත්මක මෙහෙයුමකි.
නසා (NASA) ආයතනයට අයත් ඔරායන් (Orion) පර්යන්තය සහිත SLS රොකට්ටුව, ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා අලුයම 4.05 ට (GMT 10.35 ට) කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කළේය.
ඇමරිකානු ගගනගාමීන් තිදෙනකු සහ කැනේඩියානු ගගනගාමියකු රැගත් මෙම රොකට්ටුව අභ්‍යවකාශය වෙත ගමන් ආරම්භ කළේ දැවැන්ත සුදු දුම් වලාකුළක් ඉතිරි කරමිනි.
රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් යන ගගනගාමීන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම, මිනිස් ඉතිහාසයේ මෙතෙක් කිසිවකු නොගිය ගැඹුරු අභ්‍යවකාශය වෙත ගමන් කරමින් සඳ වටා ගොස් නැවත පැමිණීමට නියමිතය.
“මේ ජෙරමි කතා කරන්නේ, අපි මේ යන්නේ සමස්ත මානව සංහතිය වෙනුවෙන්,” යැයි ගමන් ආරම්භයට සුළු මොහොතකට පෙර ජෙරමි හැන්සන් පාලන මධ්‍යස්ථානයට පැවසීය.
මෙහෙයුම් අධ්‍යක්ෂිකා චාලි බ්ලැක්වෙල්-තොම්සන් කණ්ඩායමට සුබපතමින් මෙසේ පැවසුවාය: “රීඩ්, වික්ටර්, ක්‍රිස්ටිනා සහ ජෙරමි, මෙම ඓතිහාසික මෙහෙයුම සමඟ ඔබ රැගෙන යන්නේ ආටෙමිස් කණ්ඩායමේ හදගැස්ම, ඇමරිකානු ජනතාවගේ සහ ලොව පුරා සිටින අපගේ හවුල්කරුවන්ගේ එඩිතර හැඟීම සහ නව පරපුරක බලාපොරොත්තු සහ සිහිනයි.”
“වාසනාව සහ ජය ප්‍රාර්ථනා කරනවා, ආටෙමිස් II. අපි යමු,” ඇය වැඩිදුරටත් පැවසුවාය.
වසර තුනකට ආසන්න පුහුණුවකින් පසු, ඔවුන් නාසා ආයතනයේ ‘ආටෙමිස්’ වැඩසටහන යටතේ පියාසර කරන පළමු කණ්ඩායම බවට පත් වේ.
මෙය ඉදිරි දශකය සහ ඉන් ඔබ්බට සඳ මත ඇමරිකානු බලය දිගුකාලීනව පවත්වාගැනීම සඳහා 2017 වසරේදී ආරම්භ කරන ලද ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් මෙහෙයුම් මාලාවකි.
නාසා හි SLS රොකට්ටුව සම්බන්ධයෙන් දශකයකට වැඩි කාලයක් පුරා සිදුකළ මෙහෙයුම්වල වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම දියත්කිරීම හැඳින්විය හැකිය.
එලොන් මස්ක්ගේ Space X වැනි ආයතනවල අලුත් සහ ලාභදායී රොකට් කෙරෙහි නාසා ආයතනය වැඩි වැඩියෙන් විශ්වාසය තබන පසුබිමක, මෙම තට්ටු 30ක් උසැති රොකට් පද්ධතියට ආරක්ෂිතව මිනිසුන් අභ්‍යවකාශයට ගෙන යා හැකි බවට එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් වන බෝයිං සහ Northrop Grumman ආයතනවලට මෙයින් සහතිකයක් ලැබිණි.
ආටෙමිස් II මෙහෙයුම යනු ඇමරිකාවේ ප්‍රධාන සඳ මෙහෙයුම් වැඩසටහනේ මුල් අවධියේ තීරණාත්මක පියවරකි.
මෙම වැඩසටහන හරහා 2028 වසරේදී ‘ආටෙමිස් IV’ මෙහෙයුම මගින් ප්‍රථම වරට සඳ මත මිනිසුන් ගොඩබැස්වීමට ඉලක්ක කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart