
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවරදී, මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ නොවැම්බර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මහනුවරදී මුලින් අත්අඩංගුවට ගත් රත්වත්තේ අද (31) සවස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර මිරිහාන පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබීය.
නුගේගොඩ – මිරිහාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මහනුවරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථය 2024 ඔක්තෝබර් 26 වන දින සොයාගත් බව පොලිසිය සන්ද්දහන් කරයි.
ශෂී ප්‍රභා රත්වත්තේට අයත් මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂාවකදී අදාළ සුඛෝපභෝගී මෝටර් රථය සොයාගෙන තිබේ. ඇය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳයි.
පරීක්ෂණවලදී රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම පොලිසියට පැහැදිලි කර ඇත්තේ ඔහුගේ නැන්දම්මා එම නිවසේ පදිංචිව සිටින බවයි.
පසුගියදා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගත් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා විසින් මෝටර් රථය සති තුනකට පෙර එහි ගෙනවිත් ඇති බව ඔවුන් කියා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart