
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍ය වාරණය කිරීම සඳහා ගෙන එන නීතිවලට ‘අත එසවීමට’ තම කණ්ඩායම කටයුතු කරන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ, ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශීය ජනමාධ්‍යවේදියෙක් සමඟ පසුගියදා කළ සම්මුඛ සාකච්ඡාවේදී, ඔහු සිදුකළ “කතාව හොඳ” බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම චැනල් 4 නාලිකාවට අවශ්‍ය පරිදි ඔවුන් “නටන්නේ නැති” බව ද හෙතෙම සඳහන් කළේය.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේද පැවසීය.
”ජනතාව අමාරුවෙන් ඉන්නේ. ඒ අයට පිහිට වෙන්න කියලා අපි ආණ්ඩුවට කියන්නේ ඒකයි. මම අනිවාර්යෙන්ම ජනතාවගේ පැත්තේ ඉන්නේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව අපෙන් උපදෙස් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. බලෙන් දෙන්න බෑනේ.
විදුලි බිල ගැනත් අපේ සියලුම මන්ත්‍රීවරුන් සමඟ සකච්ඡා කරමින් යනවා. මේ තත්ත්වයට ජනතාවට යම් සහනයක් ලබාදීමට සකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මම රට පාලනය කළා ඇති. අලුත් නායකත්වයන් එක්ක ඉදිරියට යන්න ඕන.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart