
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තමීම් ඉක්බාල් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ (BCB) නව සභාපතිවරයා ලෙස වසර හතරක ධූර කාලයක් සඳහා තේරී පත්වී ඇත.
ඒ, පසුගිය ඉරිදා ඩකා නුවරදී පැවැත්වුණු නිලවරණයෙන් පසුවය.
පසුගිය අප්‍රේල් මාසයේ සිට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ තාවකාලික කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමීම්, අලුතින් පිහිටුවන ලද අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරක් සඳහා නිතරගයෙන් තේරී පත්විය.
ඉන් අනතුරුව, නිලවරණයෙන් පසු පැවැත්වුණු පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඔහුව සභාපති ධූරය සඳහා ඒකමතිකව අනුමත කර තිබේ.
මෙම නිලවරණයත් සමඟ ඉදිරි වසර හතරක කාලය සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනය මෙහෙයවනු ලබන 25 දෙනකුගෙන් යුත් පාලක මණ්ඩලය සම්පූර්ණ විය.
උප සභාපති තනතුර සඳහා තරඟ වැදුණු අපේක්ෂකයන් අතරින් වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ෆහීම් සින්හා උප සභාපතිවරයා ලෙස තේරී පත්විය.
සභාපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු අදහස් දැක්වූ තමීම් ඉක්බාල් ප්‍රකාශ කළේ, බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි පවතින විශ්වාසය නැවත ඇති කිරීමටත්, පාලක මණ්ඩලය තුළ වැඩි විනිවිදභාවයක් ප්‍රවර්ධනය කිරීමටත් තමන් කැපවන බවයි.
එමෙන්ම මෑතකාලීනව ඇති වූ මතභේදාත්මක තත්ත්වයන්ගෙන් මිදී ක්‍රීඩාවේ අනාගත සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමුකිරීමට මණ්ඩලයට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
37 වැනි වියෙහි පසුවන තමීම් ඉක්බාල් බංග්ලාදේශයෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර, ඔහු අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේ එක්දින අන්තර්ජාතික ක්‍රිකට් තරඟවලදී බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart