
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2004 වසරේ සිදු වූ සිද්ධියකට අදාළව චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයකු වූ විජිත් වීරසිංහ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද(26) නියෝග කළේය.
විදේශගතව රැකියාවක් ලබාගෙන සිටි රක්ෂිත පොලිස් කොස්තාපල් මරික්කාර් කබීර් යළි සේවයේ පිහිටුවීම සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කළ බවට හිටපු ස්ථානාධිපතිවරයාට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.
විදේශ රැකියාව නිමවා ශ්‍රී ලංකාවට පැමිණි වහාම තමා යළි සේවයේ පිහිටුවන ලෙස පොලිස්පතිවරයාට සහ ශ්‍රී ලංකා පොලිස් සංචිත මූලස්ථානයේ අණදෙන නිලධාරීවරයාගෙන් ඉල්ලා සිටි බවත්, විත්තිකරු සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබූ බවත් පොලිස් කොස්තාපල් කබීර් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.
විත්තිකරු අධිකරණයට පැමිණීමට පෙර තමා කිසි දිනෙක දැක නැති බවද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නගත ලේඛන පරීක්ෂක ජයසුන්දර සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ, ප්‍රශ්නගත ලේඛනවල අත්සන සමඟ සැසඳීමට විමර්ශන නිලධාරීන් විත්තිකරුගේ අත්සන නොගැනීම නිසා, ප්‍රශ්නගත ලේඛනවල අත්සන් සම්බන්ධයෙන් තමන්ට අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.
සාක්‍ෂි සළකා බැලූ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විත්තිකරුට එරෙහිව මූලික නඩුවක් නොමැති බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart