
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කියුබාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් වූ හිටපු ශ්‍රී ලංකා නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඊයේ (13) කියුබා ජනරජයේ ජනාධිපති මිගෙල් ඩයස් කැනෙල් වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.
හිටපු හමුදාපතිවරයා කියුබාවේ සිය රාජ්‍යතාන්ත්‍රික දූත මෙහෙවර නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් කරමින් මෙලෙස අක්තපත්‍ර පිළිගැන්වීම සිදුකර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද්මිරාල් උළුගේතැන්න කියුබාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස 2023 ඔක්තෝම්බර් මාසයේදී නම්කරන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා ලෙස හෙතෙම කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart