
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු මුදල් ඇමතිවරයකු වූ රොනී ද මැල් අද සවස අභාවප්‍රාප්ත විය.
මියයන විට ඔහු 98 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකාවේ මුදල් ඇමැතිවරයකු විසින් ඉදිරිපත් කළ වැඩිම අයවැය සංඛ්‍යාවට හිමි වාර්තාවට හිමිකම් කියන්නේ රොනී ද මැල් ය.
ඔහු 1977 සිට 1988 දක්වා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා විය.
වරක් ඔහු විසින් එක් වසරක අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඊට පසු දින ‘ඇත්ත‘ පුවත්පතෙහි සිරස්තලය වී තිබුණේ ‘හිල් මැකූ අයවැයක්‘ ලෙසින් යැයි කියැවේ. බොහෝදෙනාට එහි යටිපෙළ තේරුම් ගොස් ඇත්තේ මදක් පමා වීමෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart