
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්ලස් කොමිසම චෝදනා ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණයත් සමඟ හිටපු ඇමතිවරයකු වන ප්‍රියංකර ජයරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා දූෂණ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද(11) නියෝග කළේය.
මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරන ලද්දේ, මෙම නිදහස් කිරීමේ නියෝගය පැමිණිල්ලට අලුතින් නඩුවක් ගොනු කිරීමට බාධාවක් නොවන බවයි.
සිවිල් ගුවන් සේවා පනතට පටහැනිව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස පුද්ගලයෙකු පත් කර රජයට අයුතු පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම මෙම දූෂණ නඩුව පවරා තිබිණි.
මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලද අනෝමා පොල්වත්ත නඩුවට අනුව මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නට සහ ඔහුගේ පෞද්ගලික ලේකම් බී.දයාවංශට එරෙහිව අල්ලස් පනතේ 70 වැනි වගන්තිය අනුව චෝදනා පහක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම නඩුව ගොනු කළේය.
හිටපු අමාත්‍යවරයා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2011 වසරේ සිට 2012 වසර දක්වා සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ නිලධාරියා ලෙස නීති විරෝධී ලෙස බී.දයාවංශ මහතා පත් කළ බවට අල්ලස් කොමිසම චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart