
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද සමයේ මුල් භාගයේදී ඊශ්‍රායල සහ ඇමරිකානු ප්‍රහාරවලින් මියගිය බවට වාර්තා පළ වූ ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට අනපේක්ෂිත ලෙස සහභාගී වී තිබේ.
පසුගිය සඳුදා ටෙහෙරාන් අගනුවර පැවැති මෙම අවමංගල්‍ය පෙරහැර සඳහා කළු පැහැති වස්ත්‍රයෙන් සැරසුණු මිලියන සංඛ්‍යාත ජනතාවක් එක්ව සිටි අතර, ඝාතනයට ලක් වූ උත්තරීතර නායකයාගේ දේහය රැගත් විශේෂ මංජුසාවට ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරයා ද ඔවුන් අතරට පැමිණ සිටියේය.
2005 සිට 2013 දක්වා ඉරානය පාලනය කළ දැඩි මතධාරී හිටපු ජනාධිපතිවරයා යුද්ධයේ මුල් දිනයේම මියගිය බව ඉරාන රජයට සම්බන්ධ මාධ්‍ය ආයතන කිහිපයක්ම වාර්තා කර තිබුණි. ඒ, කමේනි ඇතුළු ඉරාන දේශපාලන නායකත්වයේ බහුතරයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඊශ්‍රායල සහ ඇමරිකානු ගුවන් ප්‍රහාර මධ්‍යයේය. ඔහුගේ නිවස අසලට මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් ඔහු ද මිය යන්නට ඇති බව එවකට විශ්වාස කෙරිණි.
ඉන් පසු ගත වූ මාස කිහිපය පුරාම ඔහු ප්‍රසිද්ධියේ දැකගත නොහැකි වූ අතර, ඔහුගේ තත්ත්වය පිළිබඳව නිල වශයෙන් තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් ද රජය පාර්ශවයෙන් සිදු නොවුණි. එම නිසා යුද්ධයේ මුල් දිනවල පැවති අවුල් සහගත තත්ත්වය හමුවේ ඔහුගේ ජීවිතය පිළිබඳව පැවතියේ දැඩි අවිනිශ්චිතතාවයකි.
කෙසේ වෙතත්, යුද්ධයෙන් පසු පළමු වතාවට පසුගිය සඳුදා ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. කබායකින් සැරසී සිටි ඔහු වැලපෙන ජනතාව අතර ගමන් කරන අයුරු දක්නට ලැබිණි.
මේ වනවිට ජීවතුන් අතර සිටින අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් වන මොහොමඩ් ඛාටමි සහ හසන් රුහානි මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවීම විශේෂත්වයක් වූ අතර, විවේචකයින් පවසන්නේ ඔවුන් දෙදෙනාට මේ සඳහා ආරාධනා කර නොතිබූ බවයි.
ඉරාන ඉතිහාසයේ විශාලතම අවමංගල්‍ය උත්සවයක් බවට පත් වූ මෙයට එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ද එක්ව සිටි අතර, දැඩි ජනකාය මැදින් ගමන් කිරීම සඳහා ඔහු යතුරුපැදියක පසුපස අසුනේ නැගී යන අයුරු ඡායාරූපවල සටහන්ව තිබුණි. මෙම අවමංගල්‍ය පෙරහැර ගමන් ගත් මාවත දෙපස සිටි ජනතාව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුරුවක් එල්ලා තබා තිබූ අතර, ඔහුට මරණය ප්‍රාර්ථනා කරන පුවරු ද ප්‍රදර්ශනය කරමින් සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart