
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 15වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියෝග කළේය.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කෙහෙළිය රඹුක්වැල්ලව පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි.
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ඔහුට චෝදනා එල්ලවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මෙනවිය ඉදිරියේ කරුණු දැක්වීම ඇරඹු රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දැනුම් දුන්නේ, ප්‍රශ්නගත “හියුමන් ඉමියුනොග්ලොබියුලින්” ප්‍රතිදේහ එන්නත් මාත්‍රා පිළිබඳ නඩුවේ 08 වන සැකකරු ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නම් කරන බවය.
එහිදී කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් බොහෝ ආන්දෝලනාත්මක කරුණු අනාවරණය විය. පහතින් දැක්වෙන්නේ එලෙස අධිකරණයේදී ප්‍රකාශ කෙරුණු කරුණු ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart