
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන දූෂණ චෝදනාවලට වරදකරු බව කොළඹ මහාධිකරණය තීන්දු කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සරණ ගුණවර්ධනට එරෙහිව පවරා තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් විසින් මෙම වරදකරු කිරීමේ නියෝගය නිකුත් කරනු ලැබීය.
ඒ අනුව වරදකරු කරනු ලැබූ විත්තිකරුට අදාළ දඬුවම් නියම කිරීම සඳහා නියමිතව ඇති අතර, දඬුවම් ලිහිල් කිරීම හෝ නියම කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නීතිඥවරුන් මේ වන විට අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිටින බව මහාධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
සරණ ගුණවර්ධන 2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, කුලී පදනම මත වාහන මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදු කරමින් දූෂණය නමැති වරද සිදුකර ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart