
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ සිදුවූ අනතුරට සම්බන්ධ රියදුරු ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
ඒ ඊයේ (29) ඔහු කොළඹ මහේස්ත්‍රාත් එම්. එන්. රිස්වාන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
දොඹකරයේ හිමිකරු ඇප මත මුදාහරින ලෙස ද, මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
ඊයේ (28) උදෑසන බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් දොඹකරයේ රියදුරු සහ හිමිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
දොඹකරයක්, වාහන කිහිපයක ගැටී සිදුවූ අනතුරින් පුද්ගලයකු මියගිය අතර තුවාල ලැබූ ගණන 7කි.
පොලිසිය පැවසුවේ, ඉන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
නොනවත්වා ධාවයන වූ දොඹකරය බොරැල්ල කනත්ත වට රවුමේ ආලෝක සංඥා අසල නවතා තිබූ යතුරු පැදි හයක, මෝටර් රථ දෙකක සහ ජීප් රථයක ගැටී අනතුර සිදුවිය.
පොලිසිය පැවසුවේ, තිරිංග අක්‍රීයවීම හේතුවෙන් දොඹකරය, මීටර 40 ක පමණ දුරක් නොනවත්වා ධාවනය වී ඇති බවයි.
තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වේ.
ඔවුන් අල්ලස් කොමිසමේ සහ අපරාධ වාර්තා කොට්ඨාසයේ සේවය කරන නිලධාරීන් දෙදෙනෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ දොඹකරයේ රියැදුරු ගංජා භාවිත කර සිට ඇතැයි, මූලික වෛද්‍ය වාර්තාවලින් තහවුරු වූ බව පොලීසිය ප්‍රකාශ කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොඹකරය පරීක්ෂාවට ලක්කළ අතර එහිදී අනාවරණවී ඇත්තේ එහි තිරිංග ක්‍රියාත්මක නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart