
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇෆ්ගනිස්තානයේ දඟ පන්දු යවන ක්රීඩක මුජීබ් උර් රහ්මාන් එක්දින ක්රිකට් පිටියේ පිතිකරණයේදී අවාසනාවන්ත ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
ඊයේ පැවැති බංග්ලාදේශයට එරෙහි තරගයේදී ඔහු පිට පිට එක්දින තරග දෙකකදී කඩුල්ල බිඳදැමීමේ වරදට හසුව දැවී ගිය පළමු ක්රීඩකයා බවට පත්විය.
එහි පළමු දැවීයෑම පකිස්ථානයට එරෙහිව පසුගිය මාසයේ ශ්රී ලංකාවේ පැවති තුන්වන එක්දින තරඟයේදී සිදුවිය.
ඊයේ ලාහෝර්හිදී බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී මුජීබ් උර් රහ්මාන් දැවැන්ත හයේ පහරක් එල්ල කළ නමුත්, පසුව කඩුල්ල බිඳදැමීමේ වරදට හසුව දැවී ගිය අතර, එක්දින තරගවලදී පිට පිටම බිඳදැමීමේ වරදට දැවීයෑමේ වාර්තාව ලෝක වාර්තාව තමන් සතුකර ගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart