
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය විසින් හඳුන්වා දී ඇති නව නීති යටතේ, ගොඩබිමේදී මෙන්ම මහමුහුදේදී ද ‘අන්තරායකර ඖෂධ’ ලෙස වර්ගීකරණය කර ඇති ද්‍රව්‍ය නිෂ්පාදනය කරන පුද්ගලයන්, මහාධිකරණය මගින් වරදකරුවන් කරනු ලැබුවහොත් වසර 10 සිට 20 දක්වා වූ බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් වීමට සිදුවනු ඇත.
මෑතකදී සම්මත කරන ලද මෙම නව නීති යටතේ, ජූරි සභාවක් නොමැතිව පවත්වනු ලබන නඩු විභාගයකින් පසු මහාධිකරණය මගින් වරදකරුවන් වන අයට රුපියල් 200,000 සහ රුපියල් 500,000 අතර දඩ මුදලක් හෝ සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම හෝ නියම කෙරේ.
මෙම නව නීතිවල තවත් විශේෂත්වයක් වන්නේ, මෙතැම්ෆෙටමින් (methamphetamine / අයිස්) නිෂ්පාදනය ද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළ හැකි වරදක් ලෙස හෙරොයින්, කොකේන්, මෝෆින් සහ අබිං යන මත්ද්‍රව්‍ය අයත් වන කාණ්ඩයටම ඇතුළත් කර තිබීමයි.
ඒ අනුව, මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන, අන්තරායකර ඖෂධ ග්‍රෑම් 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ජාවාරම් කිරීම, ආනයනය කිරීම, අපනයනය කිරීම හෝ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයකු සුවිශේෂී කරුණු මත අභියාචනාධිකරණය විසින් මුදා හරිනු ලැබුවහොත් මිස ඇප මත මුදාහැරිය නොහැක.
කෙසේවෙතත්, රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව මගින් අදාළ අන්තරායකර ඖෂධයේ ශුද්ධ බර ප්‍රමාණය ග්‍රෑම් 100ට වඩා අඩු බව අනාවරණය වුවහොත්, අභියාචනාධිකරණයට සිය අභිමතය පරිදි ක්‍රියාකර එම නඩුව අදාළ මහාධිකරණය වෙත මාරුකර යැවීමට නියෝග කළ හැකිය.
සැකකරුවන්ට ඇප ලබාගැනීම සඳහා අභියාචනාධිකරණයට අයදුම් කිරීමට සිදුවීම නිසා යුක්තිය පසිඳලීම ප්‍රමාද වන බවටත්, එය වක්‍රාකාරව බන්ධනාගාර තදබදයට හේතු වන බවටත් මතු වූ කරුණු සැලකිල්ලට ගනිමින් නීතිය සංශෝධනය කිරීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart