
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවයට ප්‍රථම වතාවට ජනමාධ්‍යයට ආරාධනා නැත .
දිගින් දිගටම නුවරඑළිය මහනගර සභාවේ වැරදි ජනමාධ්‍ය හරහා පෙන්වාදෙන බැවින් මෙවර වසන්ත උත්සවය සමාරම්භක උත්සවයට ජනමාධ්‍යවේදීන්ට ආරාධනා කර නොමැති බවට ප්‍රාදේශීය මාධ්‍යවේදීහු චෝදනා කරති.
දැනට වසර 25 කට ආසන්න කාලයක් අප්‍රේල් වසන්ත සමය වෙනුවෙන් නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නුවරඑළිය මහනගර සභාව විසින් සංවිධානය කරනු ලබන වසන්ත සැණකෙළියේ සමාරම්භක උත්සවය සජීවී විකාශයේ සඳහා රාජ්‍ය නාලිකාවට ඇරියුම් කරන අතර, ජනමාධ්‍ය ආවරණ කටයුතු සඳහා සෑම ජනමාධ්‍ය ආයතනයක්ම නියෝජනය කරන ජනමාධ්‍යවේදීන්ට ආරාධනා කරනු ලබයි.
එසේ නමුත් මෙම වර්ෂයේදී ජනමාධ්‍යවේදීන් කිසිවෙකුට වසන්ත සැණකෙළි සමාරම්භක උත්සවයට ආරාධනා කර නොමැති අතර, එයට හේතුව වශයෙන් නාගරික මන්ත්‍රීවරුන්ගෙන් කිහිපදෙනෙකුගෙන් විමසන විට ඔවුන් පවසා ඇත්තේ දිගින් දිගටම මහනගර සභාවේ වැරදි පෙන්වාදීමට ඇතැම් ජනමාධ්‍යවේදීන් කටයුතු කරන බැවින් මෙවර පොදුවේ ජනමාධ්‍යවේදීන්ට ආරාධනා කිරීම ප්‍රතික්ෂේප කළ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart