
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් විසින් ලොව ප්‍රථම වරට සම්පූර්ණ මිනිස් ඇසක් බද්ධ කිරීම සිදු කර ඇත.
මිනිසකුට සම්පූර්ණ ඇසක් බද්ධ කිරීම දිගු කලක් තිස්සේ වෛද්‍ය විද්‍යාවේ අපේක්ෂාවක් බවට පත්ව තිබුණු අතර, පර්යේෂකයන් සතුන් තුළ යම් සාර්ථකත්වයක් ලබා ඇතත්, එය මින් පෙර කිසි දිනෙක ජීවමාන පුද්ගලයකු සමග සිදුකර නොමැත.
අධි බලැති විදුලි රැහැන් සහිත අනතුරකින් ආරොන් ජේම්ස්ගේ මුහුණේ වැඩි කොටසක් සහ එක් ඇසක් විනාශ වී තිබිණි. ඔහුගේ දකුණු ඇස තවමත් ක්‍රියා කරයි.
නිව් යෝර්ක්හි NYU Langone Health ආයතනය නිවේදනය කර ඇත්තේ, ජේම්ස් පසුගිය මැයි මාසයේදී මුහුණදුන් සැත්කමින් පසුව සාර්ථක ලෙස සුවය ලබමින් සිටින බවයි.
“ඒක හොඳට දැනෙනවා. තවමත් එහි කිසිදු චලනයක් නැහැ. ඒ වගේම මට තවම ඇසිපිය ගසන්න බැහැ. නමුත් මට දැන් සංවේදනයක් ලැබෙනවා, ” යැයි ජේම්ස් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට පවසා ඇත.
මෙම උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක වුවද නොවූවද, ජේම්ස්ගේ ශල්‍යකර්මය විද්‍යාඥයින්ට මිනිස් ඇස සුව කිරීමට උත්සාහ කරන ආකාරය පිළිබඳ පෙර නොවූ විරූ කවුළුවක් විවෘත්ත කරදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart